― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsIMF දෙවැනි වාරිකය ලැබුනාම අමාරු කාලය අවසන් - ශෙහාන්

IMF දෙවැනි වාරිකය ලැබුනාම අමාරු කාලය අවසන් – ශෙහාන්

රටක් ලෙස මුහුණදීමට සිදු වූ අසීරු කාලය දැන් පසුකරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමෙන් පසුව 2024 වසරේ සුබවාදී ආර්ථිකයක් කරා රට ගෙන යාමට හැකියාව ලැබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත් රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේය.

එසේම දෙවැනි වාරිකය ලබා ගැනී‍ම සඳහා සම්පූර්ණ කළ යුතු කාර්ය මණ්ඩල එකඟතාව ලබා ගැනීමේ සාකච්ඡා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජර්මන් නිල සංචාරයෙන් පසුව සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.