32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsටිකට් නැතුව ලංගමේ ගියොත් 3000ක දඩ

ටිකට් නැතුව ලංගමේ ගියොත් 3000ක දඩ

ප්‍රවේශ පත්‍ර නොමැතිව ලංගම බස් රථවල ගමන් කිරීමේදී පනවනු ලබන දඩය රුපියල් තුන්දහසක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව ප්‍රවේශපත්‍ර නොමැතිව හසුවන පුද්ගලයින්ට රුපියල් තුන් දහසක දඩයට අමතරව ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ගෙවීමට සිදුවනු ඇති.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළේ ප්‍රවේශපත්‍ර නොමැතිව බස් රථවල ගමන් ගන්නා පිරිස් නිසා මණ්ඩලයට දෛනිකව රුපියල් ලක්ෂ 70 ක පමණ පාඩුවක් සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ලබන වසර තුළ මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවයි ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් කියා සිටියේ.