― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන අද විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන අද විශේෂ සාකච්ඡාවක්

අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් ප්‍රමාදවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (02) දිනයේ කැඳවා තිබෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ මෙම සාකච්ඡාව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විශේෂ සාකච්ඡාව සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවා ආයතනයේ නිලධාරීන් සහ සියලුම වෘත්තිය සමිති නියෝජිතයින් ද එක්වීමට නියමිතයි.

ගුවන් ගමන් ප්‍රමාදයන් පිළිබඳ මෙහි දී අදාළ බලධාරීන්ගෙන් කරුණු විමසීමට නියමිතව බවයි වාර්තා වුණේ. පසුගිය දින කිහිපය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගුවීම හා ප්‍රමාද වීම සම්බන්ධයෙන් කටුනායක ගුවන් තොටුපොළ තුළ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

එහිදී එම ගුවන් සේවයෙන් ගුවන් ගමන් පහසුකම් සලසා ගැනීමට පැමිණි ගුවන් මගීන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට සිය අප්‍රසාදය පළකරන ආකාරය ද දැකගත හැකි වුණා.