27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුමින්ද ඇතුළු පිරිසකට කොළඹට ඇතුළුවීම තහනම්

දුමින්ද ඇතුළු පිරිසකට කොළඹට ඇතුළුවීම තහනම්

දුමින්ද නාගමුව, ජොසප් ස්ටාර්ලින්, ධම්මික මුණසිංහ ඇතුළු පිරිසකට අද (02) කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

කොටුව පොලිස්ථානාධිපතිවරයා අධිකරණයට පෙන්වා දුන් කරුණු සැලකිල්ලට ගනිමිනුයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

මේ අනුව අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක දුමින්ද නාගමුව, ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසෆ් ස්ටාර්ලින්, ඇතුළු 8 දෙනෙකුට හා ඔවුන් සමග පැමිණෙන අයට අද පෙරවරු 11 සිට පස්වරු 6 දක්වා කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළුවීම තහනම් වනු ඇති.

ජනාධිපති ලේකම් කාර්යාලය, සෙරමික් හන්දියේ සිට එන්.එස්.ඒ වටරවුම, එන්එස්ඒ වටරවුමේ සිට බාලදක්ෂ මාවතට ඇතුළු වීම මේ අනුව මොවුන්ට තහනම් කර ඇත.