29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජකුමාරිගේ මරණයට සම්බන්ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

රාජකුමාරිගේ මරණයට සම්බන්ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී ආර්.රාජකුමාරි නැමැති මෙහෙකාර කාන්තාවක මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් 4 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදි විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඉන් අනතුරුව අදාල සැකකරුවන් ලබන 16 වන දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියම කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු, සැරයන්වරු දෙදෙනෙකු සහ කොස්තාපල් වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.