29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙවර උසස් පෙළ විභාගය සහ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු සිසුන්ට...

මෙවර උසස් පෙළ විභාගය සහ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු සිසුන්ට වෘත්තීය පූහුණුව

මෙවර උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූ වහා ම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බවත් දීපව්‍යාප්ත මට්ටමින් පුහුණු මධ්‍යස්ථානවල දී එම පාඨමාලා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඉදිරියේ දී පවත්වනු ලබන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ද විභාගයට පෙනී සිටීමෙන් පසු මෙම වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බව පැවසූ අමාත්‍යවරයා උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ගෙන් 50%කට වැඩි පිරිසක් මෙම වෘත්තීය පුහුණු පාඨමාලාවට සහභාගිවනු ඇතැයි අපේක්ෂා කරන බව ද කීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ගින්තොට සහිරා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක්වෙමිනි.

මෙයට අදාළ කැබිනට් පත්‍රීකාව සදහා කැබිනට් අනුමැතිය ද ලබා ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයෙන් පසු පාසල් පොකුරු සංකල්පය ද භාවිත කරමින් ආරම්භ කරන මෙම වෘත්තීය පුහුණු පාඨමාලාව පැවැත්වීම වැනි මානව සම්පත් කළමනාකරණ පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීම මගින් මෙරට තරුණ පරපුරේ රැකියා විරහිතභාවය අවම කර නවෝත්පාදන බලගන්වා තාක්ෂණික වෘත්තීය ක්ෂේත්‍රයේ වර්ධනයක් අපේක්ෂා කරන බවත් එය රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික සමාජ අභියෝගයන් ජයගැනීමට පිටුබලයක් වනු ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. එසේ ම එය අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයේ එක් සංධිස්ථානයක් වනු ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.