― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldරජ පවුලේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

රජ පවුලේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු හැකර්වරුන් පිරිසක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති අතර ප්‍රහාරයේ වගකීම ඔවුන් භාරගෙන ඇති බවයි.

සයිබර් ප්‍රහාරය හේතුවෙන් පැය එක හමාරක පමණ කාලයක් වෙබ් අඩවිය අක්‍රීයව පැවති අතර පසුව ආරක්ෂක අංශ සහ පරිගණක විශේෂඥයින් එක්ව එය යථා තත්ත්වයට පත්කර තිබේ.

මෙම සයිබර් ප්‍රහාරය පිළිබඳව අදහස් දැක්වීම බකිංහැම් මාලිගය ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වා ඇත්තේ.