27.2 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅඩු ආදායම්ලාභීන්ට කොළඹින් මහල් නිවාස

අඩු ආදායම්ලාභීන්ට කොළඹින් මහල් නිවාස

අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996ක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙත යුවාන් මිලියන 552ක මූල්‍යාධාර ලබා දීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.

බස්නාහිර පළාත තුළ අඩු පහසුකම් සහිත ජනාවාසවල පදිංචිකරුවන් පුනස්ථාපනය කර පහසුකම් සහිත නාගරික නිවාස යෝජනා ක්‍රමවල නිවාසවල පදිංචි කරවීමට ගත් තීරණයක් පරිදි ක්‍රියාත්මක නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සඳහා සහයක් වශයෙන් මෙම නිවාස ඉදි කෙරෙනු ඇත.