29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකළුතර කලපුව අසල මුහුදු තීරයේ පාවෙමින් තිබී පුද්ගල මළසිරුරක් හමු වෙයි

කළුතර කලපුව අසල මුහුදු තීරයේ පාවෙමින් තිබී පුද්ගල මළසිරුරක් හමු වෙයි

කළුතර කලපුව ආසන්න මුහුදු වෙරලේ අද රාත්‍රි පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් හමුවූ බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බවද පොලිසිය පැවසීය.

අළු පැහැති කලිසමක් සහ රතු සුදු සහ කළු ඉරි සහිත ටී ෂර්ට් එකක් ඇද සිටින තැනැත්තා වයස 45 ත් 50 අතර බවට අනුමාන කරන බවද පොලිසිය සදහන් කළා

මියගොස් ඇති තැනැත්තා මේ දිනවල පවතින ගංවතුර අවධානමට ලක්වූයේද නොඑසේ නම් වෙනත් අනතුරකට ලක්වූවාද යන්න සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පැවසීය.

හදිසි මරණ පරීක්ෂණය සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ගේ පරීක්ෂණයෙන් පසු මෘතදේහය කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිත බවත් පොලිසිය පැවසීය .

කළුතර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි