30.6 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවසකට අයුතු ලෙස ඇතුල්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කුමාර ධර්මසේන ඇතුලු...

නිවසකට අයුතු ලෙස ඇතුල්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කුමාර ධර්මසේන ඇතුලු 12 දෙනකුට නොතීසි

නිවසකට අයුතු ලෙස ඇතුල්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මස 12 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන ඇතුලු බින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 12 දෙනකුට නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

වත්තල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු නැමැති අයෙකු නාරාහෙන්පිට පොලිසියද වගඋත්තරකරුවන් කරමින් අධිකරණය හමුවේ ගොනු කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් පිළිබඳව සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව නාරහෙන්පිට පොලිසියටද මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.