26.7 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනව මැලේරියා එන්නතකට WHO අනුමැතිය

නව මැලේරියා එන්නතකට WHO අනුමැතිය

මැලේරියා රෝගය වෙනුවෙන් නිෂ්පාදනය කළ ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඉන්දියාවේ සෙරුම් ආයතනය විසින් මෙම නව ප්‍රතිශක්තිකරණ එන්නත නිෂ්පාදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

R21/Matrix-M නැමැති මෙම මැලේරියා එන්නත අවශ්‍ය ආරක්‍ෂාව, ගුණාත්මකභාවය සහ සඵලතා ප්‍රමිතීන් සපුරාලීමෙන් පසු එයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් භාවිතය සඳහා නිර්දේශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්වාධීන උපදේශක මණ්ඩලය, උපාය මාර්ගික උපදේශක කණ්ඩායම (SAGE) සහ මැලේරියා ප්‍රතිපත්ති උපදේශක කණ්ඩායම (MPAG) විසින් දැඩි සවිස්තරාත්මක හා විද්‍යාත්මක සමාලෝචනයක් R21/Matrix-M මැලේරියා එන්නතේ සිදුකර තිබෙනවා.

2024 වසරේ සිට මෙම නව ප්‍රතිශක්තිකරණ එන්නත බෙදාහැරීම සිදුවන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.