26.1 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldනේපාලයේ භූ කම්පනය නවදිල්ලියටත් දැනෙයි

නේපාලයේ භූ කම්පනය නවදිල්ලියටත් දැනෙයි

නේපාලයේ බලපෑ ප්‍රබල භූ කම්පනවල ප්‍රබලත්වය නවදිල්ලි නුවරටද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ, විනාඩි 25 ඇතුළත සිදු වූ භූ කම්පන දෙකේ ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒ්කක 4.6 ලෙස සහ අනෙක මැග්නිටියුඩ් ඒ්කක 6.2 ක් ලෙස සටහන්ව ඇති බවයි.

මැග්නිටියුඩ් ඒ්කක 3.6 ප්‍රබලත්වයෙන් යුත් තුන්වැනි භූ කම්පනය සිදුව ඇත්තේ, විනාඩි 15කට පසුවයි.

ඉන් විනාඩි 13කට පසු සිව්වන භූ කම්පනය සිදුව ඇති අතර එහි ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුඩ් ඒ්කක 3.1 ක් ලෙසයි.

භූ කම්පනයේ අපිකේන්ද්‍රය නේපාලයේ වන අතර එය කිලෝමීටර් 5ක පමණ ගැඹුරක සිදුව තිබේ.