27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉතාලියේ බස් රථ අනතුරක් - 21ක් ජීවිතක්ෂයට

ඉතාලියේ බස් රථ අනතුරක් – 21ක් ජීවිතක්ෂයට

ඉතාලියේ, වැනිස් නුවර සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගුවන් පාලමක් මතින් ගමන් කරමින් තිබූ බස් රථය ඉන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි.

එම අවස්ථාවේදී බස් රථයේ ගින්නක්ද හටගෙන ඇති අතර අනතුරෙන් යුක්‍රේන ජාතිකයින් 05 දෙනෙකු සහ ජර්මානු ජාතිකයෙකුද මියගොස් තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.