ලබන දෙසැම්බර් මාසය වනවිට කුකුළු මස් කිලෝවක් රුපියල් 850කට ජනතාවට ලබාදීමට අපේක්ෂාවෙන් සිටින බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
කොළඹ අද(04) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
සත්ව ආහාර සඳහා බදු සහන ලබා දී ඇති බැවින් කුකුළු මස් නිෂ්පාදකයින්ද ජනතාවට සහනයක් ලබා දිය යුතු බවත් ඔහු එහිදී පැවසුවා.