27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධන බද්ද යළි ක්‍රියාත්මක කළ යුතුයි - ලෝක බැංකුව

ධන බද්ද යළි ක්‍රියාත්මක කළ යුතුයි – ලෝක බැංකුව

සුදුසු නව ක්‍රමයකට ශ්‍රී ලංකාව තුළ ධන බද්ද යළි ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකුව නිර්දේශ කර ඇත.

ලෝක බැංකුව ශ්‍රී ලංකාව පිළිබඳ නව වාර්තාවක මේ බව සඳහන් කර ඇත.

2023 වසරේ මුල් භාගයේ ආර්ථික ස්ථායීතාවයේ සලකුණු දක්නට ලැබුණද එය සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත රඳා පවතින බව ලෝක බැංකුව පවසයි.

එමෙන්ම සංවර්ධනය වෙමින් පවතින සහ වෙළෙඳ ආර්ථිකයන් සහිත අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාවේ බදු භාවිතයන් ඉතා පහළ මට්ටමක පවතින බවයි එම වාර්තාව පෙන්වා දී ඇත්තේ.

එම බද්ද 1992 දී ඉවත් කර තිබීම විශේෂත්වයකි.