25.6 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස්පතිගේ සේවා දිගුව 09 වැනිදායින් අවසන්

පොලිස්පතිගේ සේවා දිගුව 09 වැනිදායින් අවසන්

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට ලබා දී ඇති සේවා දිගුව මෙම මස 09 වැනිදායින් අවසන් වේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ පොලිස්පතිවරයාට ලබා දී තිබූ මාස 03ක සේවා දිගුව මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිත බවත් ඔහුට මේ දක්වා සේවා දිගු දෙකක් ලබා දී ඇති බවත්ය.

මෙරට 35 වැනි පොලිස්පතිවරයා වශයෙන් 2020 නොවැම්බර් මස පත් වූ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මාර්තු 25 වැනිදා විශ්‍රාම යාමට නියමිතව සිටියදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුල්වරට මාස 3ක සේවා දිගුවක් ලබා දුන්නේය.

පළමු සේවා දිගුව අවසන් වීමෙන් පසුව දෙවන සේවා දිගුව පසුගිය ජුනි මස 09 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මාස තුනක කාලයකට ලබා දී තිබුණි.

එම සේවා දිගුවද මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිතය.