23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsBusinessඋද්ධමනය ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

උද්ධමනය ගැන මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්

මෙරට දුප්පත්කම 25% දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

ඊයේ (05) මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා කියා සිටියේ උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ යාම මෙලෙස දුප්පත්කම ඉහළ යාමට හේතු වී ඇති බවයි.

එමෙන්ම 5%ක් වූ අපේක්ෂිත උද්ධමනය එම මට්ටමට වඩා ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බවත් තුන්වන සහ 04 වන කාර්තුවලදී ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවත් මහබැංකු අධිපතිවරයා වැදිදුරටත් අවධාරණය කළේය.