32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldසිරියාවේ හමුදා පාසලකට ඩ්‍රෝන ප්‍රහාරයක්

සිරියාවේ හමුදා පාසලකට ඩ්‍රෝන ප්‍රහාරයක්

සිරියාවේ හොම්ස් නුවර හමුදා පාසලකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයින් සියදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

හමුදා පාසලක පැවති උපාධි ප්‍රදානෝත්සවයක් අතරවාරයේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම අවස්ථාවේදී කැඩෙට් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ද ඒ සඳහා සහභාගීව සිට තිබෙනවා.

පුපුරන ද්‍රව්‍ය ඇටවූ ඩ්‍රෝන යානයක් මෙම ප්‍රහාරයට යොදාගෙන ඇති බවෞඉ විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතරු වාර්තා කරන්නේ.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවටත් තොරතරු වාර්තා වනවා. සිරියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන සානා, සන්නද්ධ හමුදා ප්‍රධානියාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් කියා සිටියේ, දහවල් උපාධි ප්‍රදානෝත්සවය අවසන් වූ වහාම පුපුරණ ද්‍රව්‍ය රැගත් ඩ්‍රෝන යානා කිහිපයක් හෝම්ස් හමුදා ඇකඩමිය ඉලක්ක කර ගත් බවයි.