― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅයහපත් කාලගුණයෙන් 71,320ක් පීඩාවට

අයහපත් කාලගුණයෙන් 71,320ක් පීඩාවට

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් තිදෙනක් ජීවිතක්ෂයට පත් වී දිස්ත්‍රික්ක 13ක පුද්ගලයන් 71,320 දෙනකු අවතැන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

වර්ෂාවෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ මාතර දිස්ත්‍රික්කයට වන අතර මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයේම ජනතාව ඉන් පීඩාවට පත්ව තිබේ.

ඊයේ (08) දහවල් වන විට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයේම පවුල් 22,012ක 55,755ක් අවතැන් වී ඇති බවයි මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි පැවසුවේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ රත්නපුර, කෑගල්ල, කොළඹ, කළුතර, ගම්පහ, මාතර, ගාල්ල, නුවරඑළිය, පුත්තලම, කුරුණෑගල, යාපනය, මඩකලපුව, අම්පාර දිස්ත්‍රික්කවල පවුල්වල පුද්ගලයන්ද අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති බවයි.

මේ හේතුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර පූර්ණ නිවාස හානි 06ක් වාර්තා වෙයි. අර්ධ නිවාස හානි 1004ක් වන අතර ආරක්ෂිත ස්ථාන 16ක පවුල් 555ක පුද්ගලයන් 1910 දෙනෙකු රඳවා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ.