27.2 C
Colombo
Sunday, September 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldජපානයේ දූපත් කිහිපයකට සුනාමි අවදානමක්

ජපානයේ දූපත් කිහිපයකට සුනාමි අවදානමක්

ජපානයේ වෙරළබඩ ප්‍රදේශ කිහිපයකට සුනාමි අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

මෙලෙස සුනාමි අවදානම් නිවේදන නිකුත් කර ඇත්තේ ජපානයේ ටොරිෂිමා දූපත අසළ ඇතිවූ භූමිකම්පාවකින් පසුවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම අවදානම් නිවේදන අමාමි දූපත් සහ ටෝකියාව අසළ චිබා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශ දක්වා ක්‍රියාත්මක බවයි.

ටොරිෂිමා දූපත ආසන්නයේ රික්ටර් මාපකයේ 4.9 ක් ලෙස සටහන් වූ මෙම භූමිකම්පාව එරට වේලාවෙන් අද (09) අලුයම වාර්තා වී තිබුණි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ වනවිටත් සමහර දූපත්වලට අඩි දෙකක් පමණ රළ ඉහළට ගොස් ඇති බවයි.