― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWorldබොරතෙල් මිල ඉහළට

බොරතෙල් මිල ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල වැඩිවිය හැකි බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති.

ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ල කළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැද-පෙරදිග උණුසුම් වී තිබීම මීට හේතු වී තිබේ.

මේ තත්ත්වය හමුවේ අද (09) දිනයේදී බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ ඉහළ ගොස් ඇති අතර එහි මිල දැක්වුණේ ඩොලර් 86ක් ලෙසයි.

ඉරානය විසින් හමාස් සංවිධානයට උදව් කරනු ලබන අතර ඊශ්‍රායලය – පලස්තීන ගැටුම් තවත් උත්සන්න වුවහොත් ඉරාන බොර තෙල් සැපයුමට බාධා එල්ල විය හැකි බවයි විචාරකයින් පවසන්නේ.