― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportපැතුම්ගෙන් හා කුසල්ගෙන් අර්ධ ශතක 02ක්

පැතුම්ගෙන් හා කුසල්ගෙන් අර්ධ ශතක 02ක්

එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ 8 වැනි තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අගනා අර්ධ ශතකයක් ලබා ගන්නට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ මේ වනවිට පකිස්ථානයට එරෙහිව හයිද්‍රාබාද් නුවරදී පැවැත්වෙන තරගයට එක්වෙමිනුයි.

ආරම්භක පිතිකරු වශයෙන් පිටියට පැමිණි නිස්සංක අද දිනයේදී සිය එක්දින දිවියේ 10 වැනි අර්ධ ශතකය ලබාගත්තා.

ඊට හැඩකාර හතරේ පහරවල් 07ක් සහ හයේ පහරක් ඇතුළත්. නිස්සංක සිය අර්ධ ශතකය ලබා ගැනීමට වැය කළ පන්දු ගණන 58ක්.

තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ කුසල් පෙරේරා යි.

ඔහුගේ කඩුල්ල හසන් අලී විසින් බිඳ හෙලනු ලැබුවා. මේ අතර කුසල් මෙන්ඩිස් ද අද දිනයේ දී සිය 27 වැනි අර්ධ ශතකය ලබා ගත්තා.

කුසල් මෙන්ඩිස් සිය අර්ධ ශතකය ලබා ගැනීමට පන්දු 40ක් වැය කළා. ඊට හයේ පහර 02 ක් සහ හතරේ පහර 07ක් ඇතුළත්.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 107ක් ලබා සිටින්නේ පන්දුවාර 17ක් ආරම්භයේ දියි. නිස්සංක සහ මෙන්ඩිස් අතර ගොඩනැගුණු සබඳතාව පන්දු 95කට ලකුණු 102ක්.

එය බිඳී ගියේ මීට ටික වේලාවකට පෙර දෙවැනි කඩුල්ල ලෙසට නිස්සංක ශඩබ් ඛාන්ගේ පන්දුවක් හමුවේ දැවී යාමෙන්.