25.6 C
Colombo
Saturday, June 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා වෙළෙඳ ගිවිසුමේ කාලය දිගු කෙරේ

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා වෙළෙඳ ගිවිසුමේ කාලය දිගු කෙරේ

ශ්‍රී ලංකා, ඕස්ට්‍රේලියා වෙළෙඳ හා ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

දෙරට අතර ද්වි පාර්ශවික වෙළෙඳ හා ආයෝජන සබඳතා ප්‍රවර්ධනය කිරීමේ ඉදිරි දැක්ම සහිතව 2017 වසරේ ඔස්ට්‍රේලියාව අතර වෙළෙඳ සහ ආයෝජන රාමු ගිවිසුමට අත්සන් තබා ඇත.

එම වෙළඳ ගිවිසුමේ සඳහන් පරිදි වෙළඳ හා ආයෝජන සහයෝගීතාව තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවනු පිණිස අද (10) සිට ඉදිරි පස් වසර සඳහා එකී ගිවිසුම් දීර්ඝ කිරීම පිණිස වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වරයා ඉදිරිපත් කළ යෝජනාව යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ වැදගත් සෘජු විදේශ ආයෝජන පාර්ශවකරුවකු වන අතර සංචාරක පැමිණීම් ගමනාන්තයන් හි පස්වන මූලාශ්‍රය බවයි රජය පවසන්නේ.