― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඅනියම් බිරිඳ එළොව යැවූ රම්බෝට මරණ දණ්ඩනය

අනියම් බිරිඳ එළොව යැවූ රම්බෝට මරණ දණ්ඩනය

සිය අනියම් බිරිඳට කොස්සකින් සහ අතින් පයින් පහර දී, ඔසවා පොළොවේ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ විත්තිකරුවෙකු වරදකරු කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් එම්. අබේරත්න විසින් අද (11) මරණ දඩුවම නියම කර තිබේ.

පයාගල, හල්කඳවිල, සිංහගම ප්‍රදේශයේ පදිංචි වර්ණසූරිය නෙවිල් ප්‍රනාන්දු නොහොත් ‘රම්බෝ’ යන අයටයි මෙලෙස මරණ දඩුවම නියම කර ඇත්තේ.

පයාගල, හල්කඳවිල, සිංහගම ප්‍රදේශයේ පදිංචිව සිටී එල්.තනූජා බණ්ඩාර නැමැත්තිය 2015 පෙබරවාරි මස 15 හෝ ඊට ආසන්න දිනකදී අතින් පයින් සහ කොස්සකින් පහරදී , ඔසවා පොලවේ ගසා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා නගා ඇති බව අධිකරණයේදී අණාවරණය විය.

ජීවිතක්ෂයට පත් තැනැත්තිය සමඟ පවුල් ජීවිතයක් ගත කර ඇති විත්තිකරු, ඇය පිළිබඳ ඇතිවූ සැකයක් හේතුවෙන් ඇයට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ මූලික සාක්කි විභාග කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ
අධිචෝදනා ගොනුකොට තිබුණි.

වසර අටකට ආසන්න කාලයක නඩු විභාගයකින් පසු නඩු තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.