31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඇෆ්ගනිස්තානයේ තවත් භූ කම්පනයක්

ඇෆ්ගනිස්තානයේ තවත් භූ කම්පනයක්

ඇෆ්ගනිස්තානයේ, හෙරාත් නගරයට කිලෝමීටර 28ක් පමණ දුරින් තවත් ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම භූකම්පනය රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන් වී ඇති බවයි.

පසුගිය සෙනසුරාදාද බටහිර ඇෆ්ගනිස්තානයට ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබූ අතර එයින් පුද්ගලයින් 2,500කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් විය.

කෙසේනමුත් එම ප්‍රදේශයට නුදුරිනුයි මෙම භූකම්පනයද හටගෙන ඇත්තේ.

මේ හේතුවෙන් හිරාත් ප්‍රාන්තයේ ගම්මාන 12කට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 1,000කට ආසන්න සංඛ්‍යාවක් ද විනාශ වී තිබේ.

තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව ද 10,000කට ආසන්න වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.