29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගාසා තීරයේ 260,000කට වැඩි පිරිසක් අවතැන්

ගාසා තීරයේ 260,000කට වැඩි පිරිසක් අවතැන්

මේ වනවිට ඊශ්‍රායලයේ පවතින යුද ගැටුම් හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,200 දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගාසා තීරයේ පුද්ගලයින් 900 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පුද්ගලයන් 260,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඊශ්‍රායලය පවසන්නේ ලෙබනනය සමග තම දේශසීමාව හරහා තවත් වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවත් සිරියාවෙන් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව එයටද ප්‍රතිචාර දැක්වූ බවයි.