27.2 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදක්ෂිණ අධිවේගයේ නායයාමක් – එක් මංතීරුවක් සම්පූර්ණයෙන් වැසේ

දක්ෂිණ අධිවේගයේ නායයාමක් – එක් මංතීරුවක් සම්පූර්ණයෙන් වැසේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව සහ පින්නදූව අතර 101 වන කිලෝමීටර් කණුව ආසන්නයේ නාය යාමක් හේතුවෙන් කොළඹ දෙසට වන මංතීරුවේ ගමනාගමනය අවහිර වී තිබෙනවා.

විශාල ගසක් සමග පස් කන්දක් මාර්ගයට කඩා වැටී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ හේතුවෙන් කොළඹ දෙසට වන මාර්ගය අවහිර වී ඇති අතර මාතර දෙසට එක් මංතීරුවක් භාවිත කිරීමේ හැකියාව පවතින බව අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම් දෙනවා.