26.7 C
Colombo
Thursday, July 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනයේදී අත් බෝම්බයක් සමඟ අයෙක් අත්අඩංගුවට

යාපනයේදී අත් බෝම්බයක් සමඟ අයෙක් අත්අඩංගුවට

යාපනයේ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු ජීව අත්බෝම්බයක් සමඟ ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙල්ලිඅඩි පොලිසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ පුද්ගලයා යාපනයේ විවිධ ප්‍රදේශවල සිදුවූ අපරාධවලට සම්බන්ධ අයෙකු බවත් වවුනියාව ප්‍රදේශයේ පදිංචි සැකකරු දීර්ඝ කාලයක සිට තුන්නාලෙයි ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ස්ථානයේ රඳවා ඇති අතර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.