27.8 C
Colombo
Monday, June 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුම්රියෙන් ඇදවැටුණු තරුණයා රෝහලේ

දුම්රියෙන් ඇදවැටුණු තරුණයා රෝහලේ

පානදුර දුම්රිය ස්ථානයේදී දුම්රියට නැගීමට ගිය තරුණයෙකු ඉන් ඇද වැටී තුවාල ලබා තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ පානදුර කුරුස හන්දිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. ඔහු අද පෙරවරුවේ පානදුර දුම්රිය ස්ථානයේදී රුහුණු කුමාරි දුම්රියට නැගීමට ගිය අවස්ථාවේ දුම්රිය වේදිකාව සහ දුම්රිය අතරට ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම ස්ථානයේ සිටි ත්‍රීරෝද රථ රියදුරෙකු මෙම සිද්ධිය දැක තුවාල ලැබූ තරුණයා පානදුර මූලික රෝහලට රැගෙන ගොස් තිබෙනවා. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම තරුණයාගේ පාදයකට තුවාල සිදුවී ඇති බවයි. පානදුර දකුණ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.