― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsවයස අවුරුදු 5ට අඩු මරණ ප්‍රතිශතය ඉහළට

වයස අවුරුදු 5ට අඩු මරණ ප්‍රතිශතය ඉහළට

වයස අවුරුදු 05 ට අඩු මරණ සංඛ්‍යාව සජීවී දරු උපත් දහසකට 12.3 වැනි අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී ඇති බව අනාවරණය වී තිබේ.

ජාතික විගණන කාර්යාලය මගින් සෞඛ්‍ය අමාත්‍යංශය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිරසර දර්ශකයට අනුව වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගේ මරණ සංඛ්‍යාව 2030 වර්ෂය වන විට සජීවී දරු උපත් දහසකට හතක් වැනි අගයකට පවත්වා ගැනීමට ඉලක්ක කර තිබුණි. 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වන දින වනවිට දහසකට 10.5ක්ව පැවති එම අගය 2022 වර්ෂයේ දෙසැම්බර් 31 වන දින වනවිට 12.3ක් අගයක් දක්වා අහිතකර ලෙස වර්ධනය වී ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

එමෙන් ම මාතෘ මරණ අනුපාතය ද සජීවී උපත් ලක්ෂයකට 29.5 වැනි අගයක් දක්වාද (මාසයට අඩු ළමයින්) මරණ අනුපාතය සජීවී උපත් දහසකට 6.8 ක් දක්වා ද අහිතකර ලෙස වර්ධනය වෙමින් තිබෙන බව විගණන වාර්තාවේ දැක්වේ.