― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගාලු මුවදොර වෙරළේ නාඳුනන මළ සිරුරක්

ගාලු මුවදොර වෙරළේ නාඳුනන මළ සිරුරක්

ගාලු මුවදොර වෙරළ තීරයේ පාවෙමින් තිබියදී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 35ත් 40ත් අතරේ පසුවන උස අඩි 05 අඟල් 5ක් පමණ වන හිස මුඩු කර ඇති තළෙළු සාමාන්‍ය සිරුරැති අයෙක් බවයි.

වෙර‍ළේ තිබී මෙරුන් පැහැති වර්ණයෙන් යුතු අඳන කඩයක් හමුවී ඇති අතර ඒ අනුව මෘත ශරීරය ස්වාමින්වහන්සේ නමකගේ බවට විමර්ශන නිලධාරීන් සැකකරනු ලබයි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොටුව පොලීසිය විසින් සිදුකරයි.