― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසුහදශීලී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙනවා

සුහදශීලී කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දෙනවා

මෙරට රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ජනතාවට වඩාත් සුහදශීලී සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පියවර ගන්නා බව විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.

මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම සඳහා ජනතාවගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ සහ විද්වතුන්ගේ අදහස් ලබා ගැනීමට කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ජගත් කුමාර මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (11) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.