― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsHealthඅක්ෂි රෝගයට හේතුව වෛරස් උණයි - වෛද්‍ය දීපාල්

අක්ෂි රෝගයට හේතුව වෛරස් උණයි – වෛද්‍ය දීපාල්

මේ දිනවල දරුවන් අතර වේගයෙන් පැතිර යන ඇස් රෝගය කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරවන වෛරසයක් හේතුවෙන් බෝවන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

වෛද්‍යවරයා අවධාරණය කරන්නේ අපිරිසිදු දෑතින් ඇස් ඇල්ලීමෙන් වළකින ලෙසයි.

එමෙන්ම මෙලෙස කාලයෙන් කාලයට වෛරස් ඇති විය හැකි බවත් වෛරස් උණ සමඟ ඇස් රෝග ඇති වීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහි රෝග ලක්ෂණ ලෙස ඇස් රතු වීම, කබ ගැලීම, ඇසේ වේදනාව ඇති වීමේ හැකියාවක් පවතී.

වෛරසයක් නිසා බෝ වන මෙම රෝගයට ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන බවත් දින 05කට වඩා මෙම රෝගය පවතින්නේ නම් ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත් වෛද්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.