26 C
Colombo
Saturday, February 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldඊශ්‍රායලයේ මෙරට තානාපතිට එරට ආරක්ෂක අංශයෙන් දැනුම්දීමක්

ඊශ්‍රායලයේ මෙරට තානාපතිට එරට ආරක්ෂක අංශයෙන් දැනුම්දීමක්

ඊශ්‍රායල – පලස්තීන ගැටුම්වලට මැදිව අතුරුදන් වී ඇති බව කියන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සංචාරයේ නිරත වූ ශ්‍රී ලංකා තානාපතිවරයාට එම සංචාරය නතර කිරීමට සිදුව තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් සිදු කළ දැනුම්දීමකට අනුව සිය සංචාරය නතර කළ බවයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පැවසුවේ.

අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයින් ගැන සොයාබැලීම සඳහා තානාපතිවරයා බටහිර ගාසා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර පවතින වාතාවරණය හමුවේ එම සංචාරය නතර කරන ලෙසයි එරට ආරක්ෂක අංශ දන්වා ඇත්තේ.

ගැටුම්වලට මැදි වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මේ වන විට අතුරුදන් ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර එම ප්‍රදේශයට යළිත් ප්‍රහාර එල්ල වීම හේතුවෙන් ඉන් ඉවත් වන ලෙසට එරට ආරක්ෂක අංශ දැනුම්දීමක් සිදු කළ බව තානාපතිවරයා පවසයි.

ඒ අනුව අතුරුදන් වූ බව කියන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් ලබාදිය නොහැකි බවයි තානාපතිවරයා පවසන්නේ.