27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඊශ්‍රායලයේ සිවිල් වැසියන්ටත් ගිනි අවි

ඊශ්‍රායලයේ සිවිල් වැසියන්ටත් ගිනි අවි

ගාසා තීරය ආසන්නයේ පිහිටි ඊශ්‍රායලයට අයත් කුඩා නගරවල සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ.

එම වැසියන් ජීවත් වන නගරවල ආරක්ෂාව තර කර ගැනීමේ අරමුණින් සිවිල් වැසියන්ට ගිනි අවි ලබා දීමට තීරණය කළ බවයි ඊශ්‍රායල ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටාමාර් බෙන් ග්‍රීව් පවසන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වනවිට ඊශ්‍රායල හමුදාව සහ හමුදාවට සම්බන්ධ අතිරේක හමුදා බලඇණි සියල්ල හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වල නියැලෙමින් සිටින බවයි.

මේ හේතුවෙන් ගාසා තීරය ආසන්නයේ පිහිටි කුඩා නගරවල ආරක්ෂාව, නගර වැසියන්ට පැවැරීමට තීරණය කළ බවයි ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ.