27.8 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකඳුකර ප්‍රදේශවල ප්‍රවේශමෙන් රිය ධාවනය කරන්න

කඳුකර ප්‍රදේශවල ප්‍රවේශමෙන් රිය ධාවනය කරන්න

හැටන් – බගවන්තලාව කැම්පියන් රාණිකාඩු මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ගයට කඩා වැටී ඇති පස් ඉවත් කර මාර්ගය යථා තත්ත්වයන්ට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

එමෙන්ම මධ්‍යම කදුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ඝන මීදුම් ස්වභාවයක් හා මාර්ග ලිස්සන සුළු තත්ත්වයන් හේතුවෙන් රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බවයි නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එච්. එම්.එම්.බී. බණ්ඩාර පැවසුවේ.

රථවාහන ධාවනය කිරීමේදී ඉදිරිපස ලාම්පු දල්වා ඉතාමත් ප්‍රවේශමෙන් වාහන ධාවනය කිරීමට පියවර ගන්නා ලෙස සියළුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.