32.2 C
Colombo
Tuesday, April 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගංජා වැවූ තරුණයෙක් පොලීසියට කොටුවෙයි

ගංජා වැවූ තරුණයෙක් පොලීසියට කොටුවෙයි

පොළොන්නරුවේ නිවසක ගංජා පැළ වැවූ පුද්ගල‍යෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදිරිගිරිය – මීගස්වැව පොලිස් බල ප්‍රදේශයේ යාය 08 පුල්ලෙයාර් හන්දිය අසල පිහිටි ඔහුගේ නිවසේදීයි.

සැකකරු නිවසෙහි මල් පෝච්චිවල ගංජා පැළ වගා කර තිබූ බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම ගංජා පැළ උසින් අඩි එකහමාරක් පමණ වන බවයි. වගා කර තිබූ ගංජා පැළ 50ක් පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකරු 22 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.