28.4 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාපුවරුවේ ගිය තරුණයා ආරුක්කු 9 පාලමේ ගැටෙයි

පාපුවරුවේ ගිය තරුණයා ආරුක්කු 9 පාලමේ ගැටෙයි

දුම්රියේ පා පුවරුවේ ගමන් කරමින් සිටි තරුණයෙකු ඉන් බිමට වැටී බරපතළ තුවාල සිදු ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මෙම තරුණයා සිය පෙම්වතිය සමග දුම්රියෙහි පා පුවරුව මත ගමන් කර ඇති බවයි.

එහිදී දුම්රිය ගොටුවෙල ආරුක්කු 9 පාලම මතින් ධාවනය වෙමින් තිබියදී තරුණයාගේ පාදයක් පාලමේ ගැටී තිබෙනවා. එම ගැටීමෙන් තරුණයා ඇද වැටී ඇති අතර ඔහුගේ පාදවලට බරපතළ ලෙස තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ තරුණයා දුම්රිය මගින්ම ඇල්ල දුම්රිය ස්ථානයට ගෙන ගොස්, එතැනින් බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාලකරු වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණය වී ඇත්තේ.