28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldබිහාර් ප්‍රාන්තයේ දුම්රිය පීලි පැනීමෙන් 04ක් ජීවිතක්ෂයට

බිහාර් ප්‍රාන්තයේ දුම්රිය පීලි පැනීමෙන් 04ක් ජීවිතක්ෂයට

බිහාර් ප්‍රාන්තයේ දුම්රිය පීලි පැනීමකින් 04ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ රාත්‍රියේ දිල්ලි සිට ඇසෑම් ප්‍රාන්තයේ කාමක්‍යා දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් රඝුනාත්පූර් දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්විය.

ඉන් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය තුළ මුදාගැනීමේ මෙහෙයුම් මේ වනවිට අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය මාස 4 තුළ ඔඩිෂා ප්‍රාන්තයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 296 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද සඳහන්.