30 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalලෝකාන්තයට යන වැලිමඩ මාර්ගයක් නාය යයි

ලෝකාන්තයට යන වැලිමඩ මාර්ගයක් නාය යයි

පවතින අධික වර්ෂාවත් සමඟ වැලිමඩ අබේවෙල රේන්දපොල ලෝකාන්තය මාර්ගය නායගොස් තිබේ.

මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් නතරව ඇති අතර මාර්ගය මේ වනවිට වසා දමා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙලෙස වසා දමා ඇත්තේ රේන්දපොළ අඹේවෙල ලෝකාන්තය මාර්ගයයි.

අද අළුයම මෙම ස්ථානය ගිලා බැස ඇති බව නොදැන ත්‍රිරෝද රථයක් පැමිණ ඇති අතර මීදුම් තත්වය හේතුවෙන් එහි රියදුරු අනතුරට ලක්ව ඇති අතර රියදුරා ඉවතට පැන බේරී තිබේ.

කැප්පෙට්පොල පොලීසිය පැවසුවේ ඔහු සුළු තුවාල ලබා ඇති බවයි.