27.2 C
Colombo
Sunday, September 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසැඩ පහරකට හසු වූ සිසුවෙක් අතුරුදහන්

සැඩ පහරකට හසු වූ සිසුවෙක් අතුරුදහන්

ජල පහරකට හසු වීම හේතුවෙන් ගලහ, සුදුවැල්ල ප්‍රදේශයේ සිසුවෙකු ඊයේ (11) අතුරුදන් වී තිබේ.

මෙලෙස අතුරුදහන් වී ඇති සිසුවා වයස අවුරුදු 10ක දෙල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සිසුවා ශිෂ්‍යත්ව අමතර පංතියක් සඳහා සහභාගී වී නැවත නිවසට පැමිණීමේදී ජල පහරකට හසු වී ලිට්වැලි ඇළ මාර්ගයට ගගෙසාන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

පොලිස් ජල කිමිදුම් කණ්ඩායමේද සහය ඇතිව අතුරුදන් වූ දරුවා පිළිබඳ සෙවීම් කටයුතු සිදු කළද මේ වනතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැත.