29.5 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsHealthඅක්ෂි කාචවල හිඟයක් නැහැ - ජාතික අක්ෂි රෝහල

අක්ෂි කාචවල හිඟයක් නැහැ – ජාතික අක්ෂි රෝහල

අක්ෂි සැත්කම් සිදු කිරීම සඳහා කාචවල හිඟයක් නොමැති බව ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක බටවල පැවසීය.

ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් ජාතික අක්ෂි රෝහලේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඊයේ (12) ප්‍රකාශ කළේ කාච නැතිකම හේතුවෙන් අක්ෂි සැත්කම් කිසිදු දිනක නතර නොකළ බවයි.

වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ බ්‍රිතාන්‍යයෙන් රුපියල් කෝටි 5ක වටිනාකමක් ඇති අක්ෂි කාච 5,000ක් පරිත්‍යාග කර ඇති බවයි.

එමෙන්ම ජාතික අක්ෂි රෝහලේ මසකට අක්ෂි සැත්කම් 900ක් පමණ සිදු කරන බවත් බ්‍රිතාන්‍යයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු අක්ෂි කාචයන් සැත්කම් සඳහා යොදා ගන්නා බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.