― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldගාසා තීරයේ ගර්භනී කතුන් 50,000කට අත්‍යවශ්‍ය සේවා නැහැ

ගාසා තීරයේ ගර්භනී කතුන් 50,000කට අත්‍යවශ්‍ය සේවා නැහැ

ගාසා තීරයේ ළමුන්, කාන්තාවන්, ගර්භනී මවුවරුන් භයානක තත්ත්වයකට මුහුණ දී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ගාසා තීරයේ ආහාර සහ ජලය ඉක්මනින් අවසන් වීම සහ ගර්භනී කාන්තාවන් 50,000කට අත්‍යවශ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම මීට හේතු වී ඇති බවයි විදේ මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊශ්‍රායලය ගුවනින් එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් පසුව ගාසා තීරයේ පුද්ගලයන් 1400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කළහොත් මිස සීමාවන් ඉවත් නොකරන බව ඊශ්‍රායලය අවධාරණය කරයි.

පසුගිය සති අන්තයේ ඊශ්‍රායලයට එල්ල වූ මාරාන්තික ප්‍රහාර හේතුවෙන් 1,300 දෙනෙකුට මරු කැඳවා ඇති අතර හමාස් සංවිධානය අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකු පැහැරගෙන ගාසා තීරයට රැගෙන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුරෝපා සංගම් ප්‍රධානී Ursula Von Der Leyen සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් අද (13) ඊශ්‍රායලයට පැමිණීමට නියමිත අතර විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඔවුන් එලෙස පැමිණෙන්නේ රටට සහය දැක්වීම සඳහා බවයි.