28.9 C
Colombo
Saturday, November 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධීවරයන්ට නොමිලේ භූමිතෙල් බෙදාදෙයි

ධීවරයන්ට නොමිලේ භූමිතෙල් බෙදාදෙයි

එක්දින ධීවර යාත්‍රා සඳහා නොමිලේ භූමිතෙල් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර ඊයේ (12) බේරුවල වරාය පරිශ්‍රයේදී ආරම්භ විය.

චීන සමූහාණ්ඩුවේ ආධාර යටතේයි ධීවරයින්ට මෙම භූමිතෙල් ලබාදෙනු ලබන්නේ.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වා තිබේ.

එක් ධීවරයෙකුට භූමිතෙල් ලීටර් 153ක් නොමිලේ ලබා ගත හැකි අතර මෙම ඉන්ධන දීමනාව දිවයින පුරා ධීවරයන් 28,000 කට ආසන්න ප්‍රමාණයකට හිමි වනු ඇති.

ඩීසල් වශයෙන් ලැබුණු මෙම ඉන්ධන පරිත්‍යාගය එක්දින යාත්‍රා හිමියන්ගේ අවශ්‍යතාවය පරිදි භූමිතෙල් බවට පරිවර්තනය කිරීමට කටයුතු කර තිබේ.