― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeWorldපලස්තීනුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඩොලර් මිලියන 294ක් ඉල්ලයි

පලස්තීනුවන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඩොලර් මිලියන 294ක් ඉල්ලයි

එක්සත් ජාතීන්ගේ කාර්යාලය පලස්තීනුවන්ගේ හදිසි අවශ්‍යතා සඳහා ඩොලර් මිලියන 294ක හදිසි අරමුදල් සපයන ලෙස ඉල්ලා හදිසි අභියාචනයක් නිකුත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මිලියන 1.2 ක පමණ පිරිසකට උපකාර කිරීම සඳහා මෙම අරමුදල් භාවිතා කරන බව එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කරන බවයි.

ඊයේ (12) දිනයේ පමණක් ගාසා තීරයේ 84,000 කට වැඩි පිරිසකට නිවාස අහිමි වී ඇති අතර මේ වනවිට එහි නවාතැන් නොමැතිව 423,000කට වැඩි පිරිසක් සිටින බව එක්සත් ජාතීන්ගේ කාර්යාලය වැඩිදුරටත් පවසයි.

එමෙන්ම ගාසා තීරයේ බොහෝ පදිංචිකරුවන්ට තවදුරටත් සේවා සපයන්නන්ගෙන් පානීය ජලය හෝ නල මාර්ග හරහා ගෘහස්ථ ජලය සඳහා ප්‍රවේශ වීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

කලාපයේ ගර්භනී කාන්තාවන් 50,000න් 5,500 ක් පමණ ඉදිරි මාසය තුළ දරු ප්‍රසූතියට සූදානම්ව සිටින අතර සෞඛ්‍ය සේවකයින් මෙන්ම රෝහල් සහ සායන රැසක් ප්‍රහාරයට ලක්වන බැවින් අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමට ඔවුන් දැඩි ලෙස උත්සාහ ගනිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.