― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ගෘහ සේවිකාවකට සෞදියේදී අත්වූ සෝචනීය ඉරණම

මෙරට ගෘහ සේවිකාවකට සෞදියේදී අත්වූ සෝචනීය ඉරණම

සෞදියේ ගෘහ සේවයට ගොස් සිටි මෙරට කාන්තාවකට ඇය සේවය කළ නිවසේ හිමිකරු සහ හිමිකාරිය එකතු වී ශරීරයට පෙට්‍රල් දමා ගිනි තබා තිබේ..

ගොතටුව නව නගරයේ පදිංචිවී සිටි නයනා දිල්රුක්ෂි නම් 45 හැවිරිදි කාන්තාවකුයි මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණදී ඇත්තේ.

මීට මාස 07කට පමණ පෙර මෙම අවාසනාවන්ත සිදුවීමට තමන් මුහුණ දුන් බවත් ඒ හේතුන් තමා මාස ගණනක් සෞදියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි බවත් ඇය සඳහන් කළාය.

පසුව එරට පොලීසියේ මැදිහත්වීමෙන් තමන්ව රැඳවුම් මධ්‍යස්ථානයකට යොමු කළ බවයි ඇය හැන්ඩූ කඳුළින් පැවසුවේ.

දැඩි දුෂ්කරතා මධ්‍යයේ මාස එකහමාරක පමණ කාලයක් එම රැඳවුම් මධ්‍යස්ථානයේ තමන් ජීවත් වන බැවින් ඉතා ඉක්මනින් තමන්ව ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඇය ලංකා රජයෙන් අයැද සිටී.

ඇය පසුගිය පෙබරවාරි මස 08 වැනිදා ගෘහ සේවිකාවක් ලෙස සෞදියේ රියාද් නගරයට පිටත්ව ගොස් ඇති අතර මාර්තු මස 13 වැනිදා ඔවුන්ගේ දරුවන්ට නිසි ලෙස ආහාර ලබානොදුන් බව පවසමින් නිවසේ හිමිකාරිය සහ හිමිකරු විසින් ඇයට පහරදී තිබේ.

පසුව එම කාන්තාව විසින් නයනා දිල්රුක්ෂිගේ ශරීරයට පෙට්‍රල් විසිකර ගිනි තැබූ බවත් ඉන් බේරීමට ඇය කෑගසා උදවු ඉල්ලුවද ඉන් ඵලක් නොවූ බවත් ඇය හැන්ඩූ කන්දුළින් පවසන්නීය.

පසුව නිවෙස්හිමියා ගින්න නිවා, ගිලන් රථයක් ගෙන්වා ඇයව රෝහලකට යොමු කර තිබේ.