26.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධාවනය කරමින් තිබූ යතුරුපැදියක් මහමගදී ගිනි ගනී

ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් මහමගදී ගිනි ගනී

කන්තලේ නුවර ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් කන්තලේ මැද මාවතේදී හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

මෝටර් බයිසිකල් හිමිකරු සේරුනුවර පොලිස් ස්ථානයේ රාජකාරි නිමවා කන්තලේට ගිය අවස්ථාවේදී මෙම සිද්ධිය සිදු වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ගින්න මැඩපැවැත්වීමට ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හානියෙන් කිසිදු ජීවිතයකට අනතුරක් සිදුව නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනවා.