27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalයාපනයේ මාර්ගයක කාන්තා මළ සිරුරක්

යාපනයේ මාර්ගයක කාන්තා මළ සිරුරක්

යාපනය පොලිස් වසමෙන් නාඳුනන කාන්තා මළ සිරුරක් හමු වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඊයේ සවස් කාලයේදී යාපනය – ස්ටැල්ලි මාවතේ තිබියදී මෙම මළ සිරුර සොයාගත් බවයි.

මෙසේ මියගොස් ඇත්තේ 65 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර නොමැත.

මරණකාරිය උසින් අඩි 05යි අඟල් 05ක් පමණ වන තලෙළු, සිහින් සිරුරක් සහිත තැනැත්තියක්. මරණය සිදු වන අවස්ථාවේදී ඇය උඩුකයට නිල් පාට හැට්ටයක් සහිත දුඹුරු පාට සාරියකින් සැරසී සිට තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.