― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසුඛෝපභෝගී බස් රථ 50ක් යළි ධාවනයට

සුඛෝපභෝගී බස් රථ 50ක් යළි ධාවනයට

ඉදිරි මාස 6 තුළ සුඛෝපභෝගී බස් රථ 50ක් නැවත ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

ධාවනයෙන් ඉවත් කළ බස් රථ 50ක් මෙලෙස නැවත ධාවනයට එක් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් ගමනාගමන මණ්ඩලය පවසන්නේ.

විවිධ තාක්ෂණික ගැටළු, අමතර කොටස් නොමැති වීම ආදිය හේතුවෙන් දැනට ධාවනය අත්හිටුවා ඇති බස් රථ කටුපෙත සුපිරි සුඛෝපභෝගී සංචාරක ප්‍රවාහන සේවා සමාගම වෙත රැගෙනවිත් තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා රජය විසින් රැගෙන ආ සුඛෝපභෝගී බස් රථ 50ක් මෙලෙස සන්නද්ධ කර ඇති බව වාර්තා වේ.

එම බස් රථවලින් දිනකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ලැබිය හැකි බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.