27.8 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොරෙන් රට රැකියාවට යන්න ගිය තරුණියක් ගුවන්තොටේදී අත්අඩංගුවට

හොරෙන් රට රැකියාවට යන්න ගිය තරුණියක් ගුවන්තොටේදී අත්අඩංගුවට

ලාබාල තරුණියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ ආයතනයක් මගින්, නීති විරෝධී ලෙස කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත් කිරීමට තැත් කරමින් සිටිය දී කටුනායක ගුවන්තොටුපොළ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටාර් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා යොමු කළ හැකි වන්නේ වයස අවුරුදු 21 ඉක්මවා ඇති තරුණියන්‍ පමණයි. එහෙත් මෙලෙස වංචනිකව කටාර් රාජ්‍යයට යැවීමට උත්සහ කළ තරුණිය මොරටුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අයෙක්.

ඇය අද උදෑසන 10.30ට පමණ දෝහා වෙත පිටත්ව යන කටාර් ගුවන් සේවයේ QR – 665 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඇය මෙම ගුවන් ගමන පිටත්ව යාම සඳහා අවශ්‍ය ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගැනීමෙන් අනතුරුව සිය විගමන කටයුතු සදහා ආගමන විගමන කවුළුව වෙත පැමිණ ලියකියවිලි ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී ඇය සතුව කටාර් රාජ්‍යයේ රැකියා කිරීම සඳහා වීසා බලපත්‍රයක් තිබුණද ඇය එම රැකියාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වීම, එරට රැකියා නියෝජිත සමග ඇති කර ගත් රැකියා ගිවිසුම සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණුව පිළිබඳ සහතිකය නොවීම නිසා ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව වැඩිදුරටත් මෙම තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම් සිදු කිරීමේ දී අනාවරණ වී ඇත්තේ කිසියම් කාන්තාවක් කටුනායක ගුවන්තොටුපොළ වෙත ඇය රැගෙන විත් ඇති අතර එම කාන්තාවට මෙම තරුණිය එහිදී රුපියල් 21,500ක මුදලක් ලබා දී ඇති බවයි.

එසේම මෙම තරුණිය රැකියාවක් සඳහා පිටත්ව යාමට ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිස සිටියදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ගේ පරීක්ෂාවට හසු නොවී තිබීම විශේෂත්වයක්.

මෙලෙස අත්අඩංගුවට ගත් තරුණිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ආගමන විගමන නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.